මම ඉදිරිපත් කළේ ජාතික වැඩපිළි‍වෙළක් මිස පොරොන්දු පත්‍රයක් නෙමෙයි! ධුර කාලය තුළ එහි ඇති සියල්ල ඉටු කරනවා! – ගෝඨා

November 5, 2019 at 8:01 am | by Editorial

තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජාතික වැඩපිළිවෙළක් මිස මැතිවරණ පොරොන්දු පත‍්‍රයක් නොවන්නේ යැයි ද එහි සඳහන් සියලු දේ සිය නිල ධුර කාලයේදී ක‍්‍රියාත්මක කොට ඉටු කරන්නේ යැයි ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ එසේ පැවසුවේ පෙරේදා (02) පස්වරුවේ බියගම සියඹලාපේ මංසන්ධියේ පැවැති එම පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ රැලියේදීය.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මෙසේද කීය.

“මේ රටේ පුරා වසර 30 ක් තිස්සේ පැවතුන කුරිරු කොටි ත‍්‍රස්තවාදය පරාජය කරලා එවැනි ත‍්‍රස්තවාදයක් නැවත මේ රටේ ඇති නොවන ආකාරයට රටේ ජාතික ආරක්‍ෂාව තර කළා. නමුත් මේ වත්මන් රජය එම ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රමුඛස්ථානයක් දුන්නේ නැහැ. මේ රජය අපගේ වීරෝදාර රණවිරුවන් ජාත්‍යන්තර උසාවිවලට ගෙන යන්න හැකිවන සම්මුතිවලට අත්සන් කළා. එපමණක් නොවෙයි, රණවිරුවන් සිර කළා. අපගේ පාලන කාලයේ තිබූ ජාතික ආරක්‍ෂිත වැඩපිළිවෙළ මේ රජය අමතක කර දැමුවා. ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කටයුතු කළ නිලධාරීන් වෙන ස්ථානවලට මාරු කර දැම්මා.

නමුත් අපි නැවත බලයට ආවට පස්සේ අපේ ජාතික ආරක්‍ෂාව නැවතත් තහවුරු කරනවා. නැවත අන්තවාදී ත‍්‍රස්තවාදයට රටේ ඉඩ තබන්නේ නැහැ. එය කළ හැක්කේ අපට පමණයි.”

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස