අනුර සජිත්ගේ ඡන්ද කඩනවා! ගෝඨාභය දිනනවා සිකුරුයි! – වික්‍රමබාහු සජිත්ගේ වේදිකාවට නැඟ කියයි… (video)

November 1, 2019 at 3:57 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක කඩන්නේ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද බව නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ජාතික ජනබලවේගය වටා ඒකරාශී වාමාංශික ඡන්ද බවත් වාමාංශිකයා යනු ආගම්වාදයට ජාතිවාදයට එරෙහි ඡන්ද බවත් පවසන වික්‍රමබාහු කරුණාරත්න එම ඡන්ද කැඩෙන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහි කඳවුරෙන් බව පෙන්වා දෙයි.

අනුර දිසානායක ඡන්ද ලක්ෂ 10ක් ලබාගත හොත් සිය අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම පරාජය වන බවත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස