අටමස්ථානේ කෝටිපති සිවුරු ගෝඨාට කඩේ යනවා! ඇමති රංජන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයි!

August 14, 2019 at 5:32 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මහා සංඝරත්නය ආශීර්වාද කිරීම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ අටමස්ථානේ කෝටිපති සිවුරු දානය වළඳා ඉන්නේ බුදුහාමුදුරුවන් නිසා බවයි. අටමස්ථානය භාරකාර හිමිවරුන් සම්බන්ධයෙන් ඔහු සිය විවේචනය දිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ හැඳින්වූයේ කෙසේද කියාය.

ඇවන්ගාඩ් මිග් ගනුදෙනු දෙමාපියන් වෙනුවෙන් සොහොන් කොත් ඉදිකිරීම මාධ්‍යවේදීන් සහ යාචකයන් ඝාතනය වැනි ක්‍රියා බෝධිසත්වයන් සිදුකරන වැඩ ද කියා තමා ප්‍රශ්න කරන බවත් ඒ චෝදනා ඔප්පු කරන ලෙසට සමහරු තර්ක කළ හැකි වුවද ප්‍රභාකරන් කළ කිසිම මිනිමැරුමක් ඔප්පු කිරීමට නොහැකි වූ බව ඔහු වැඩිදුරටත් දක්වා ඇත.

පසුගියදා එජාප නායකයන් ප්‍රකාශ කළේ සංඝ රත්නයට අපහාස කරන කිසිදු ප්‍රකාශයක් නොකරන ලෙස අගමැතිවරයා ඇමති රංජන් රාමනායකට අවවාද කළ බවය.

මේ ඔහු තම ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස