අපි ජනාධිපතිවරණය හරිම පහසුවෙන් දිනනවා! ගෝඨා අපට කිසිම අභියෝගයක් නෙමෙයි! වැලේ වැල් නැති ජනාධිපති අපේ ඇඟේ එල්ලෙන්න හදනවා!- හිරුණිකා

August 28, 2019 at 9:46 am | by emanisa.lk

ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ තරම් දැවැන්ත සංවර්ධනයක් කළ සහ කරමින් සිටින එජාප ආණ්ඩුව ජනාධිපතිවරණයට 100%ක් සූදානම් හෙයින් ජනාධිපතිවරණයකට බිය වන්නේ කුමකට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විමසයි.

එජාප අපේක්ෂකයා කවුරු වුණත් එළඹෙන ජනාධිපතිවරණය තමන් ඉතාම පහසුවෙන් ජයගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ තමන්ට කිසිදු අභියෝගයක් නොවන බවත් මන්ත්‍රීවරිය පවසයි.

ආණ්ඩුව ජනතාව ඉදිරියේ අපහසුතාවට පත් කළ එකම පුද්ගලයා ජනාධිපතිවරයා බවත් ඔහු සමග ඩීල් දාමන කිසිවකු වෙනුවෙන් තමා පෙනී නොසිටින බවත් ඇය පවසයි.

එල්ලෙන්න වැල් නැතිව සිටින ජනාධිපතිවරයාගේ ඡන්ද නැතිව තමන්ට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් පක්ෂ කඩන විෂබීජයක් වන ජනාධිපතිවරයා ළං කර ගත්විට තිබෙන ඡන්දත් අහිමි වන බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

එජාප නායකයන් සියලු දෙනා එක් මේසයකට පැමිණ අපේක්ෂකයා තීන්දු කළ යුතු බව පෙන්වා දෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊට පසු ඕනෑම අපේක්ෂකයකු සමග මැතිවරණ ප්‍රචාරණ කටයුතු කර ජයග්‍රහණය කරවීමට තමා සූදානම් බව අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස