අපි ස්වයංපෝෂිත කළ රට අද තිබ්බටුත් පිට රටින් ගේන තත්ත්වයට වැටිලා! – ගෝඨා

September 5, 2019 at 11:33 pm | by emanisa.lk

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ගොවි ජනතාවට සහනාධාර දෙමින් මිරිස්, ළූණු ආදී ආහාර ද්‍රව්‍යවලින් රට ක්‍රම ක්‍රමයෙන් ස්වයං පෝෂිත කළ ද අද එම තත්ත්වය ආපසු හැර වී ඇතැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මේ වන විට මිරිස්, ළූණු, මුං ඇට, අබ පමණක් නොව තිබ්බටු ද පිට රටින් ගෙනෙන තැනට රට ඇද වැටී ඇතැයි හෙතෙම පවසයි.

ආණ්ඩුව කටයුතු කරන්නේ දේශීය ගොවියාගේ යහපත පිණිස නොව ආනයන වෙළෙන්දන් කිහිප දෙනෙකුගේ සුබසෙත උදෙසා බවත් මෙම තත්ත්වය මුලින්ම නතර විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (04) කොළඹ පැවති සුළු පරිමාණ කර්මාන්ත, ගොවි නියෝජිත හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස