“ජනපතිට ද්විත්ව පුරවැසි සහතිකය ලබා දීමේ බලය තිබෙනවා!” ගෝඨා නිවැරදි බව තහවුරු කරමින් නීතිපති කියයි.!

October 2, 2019 at 11:58 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් ඉදිරිපත් කළ පෙත්සම අද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මගින් සලකා බැලීය.

එහිදි පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ බලය ඇත්තේ අදාළ ඇමතිවරයාට බවත් ගෝඨාභය රාජපක්ෂ සතු ද්විත්ව පුරවැසි ලේඛනය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කර ඇති බැවින් එය බලරහිත බවය.

එහිදී වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා සතු බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ඔහු සඳහන් කර සිටියේය.

අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යෙදී අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම හෙට 13.30 තෙක් තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස