අපි ජනාධිපතිවරණයට දාන්නේ නියම සුපිරි රියල් පොරක්! ඒ ඩැයල් එක දිනුවම ගෝඨාට වෙන්නේ ඇමරිකාවට දුවන්න!

August 13, 2019 at 12:05 pm | by emanisa.lk

එජාපයෙන් ජනාධිපතිවරණය සඳහා නියම සුපිරි රියල් පොරක් ඉදිරිපත් කරන බවත් ඒ ඩැයල් එක ජයග්‍රහණය කළ විට ගෝඨාභයට ඇමරිකාවට යාමට සිදුවනු ඇති බවත් දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ පවසයි.

“රාජපක්ෂ වලව්වේ රාජපක්ෂ වරිග සභා පාලන ක්‍රමය මෙවර ජනාධිපතිවරණයේ දී වෙනස් වෙනවා. වරිග සභාවේ දී සිදුවන්නේ පවුලේම උදවිය පවුලේ ඇත්තන්ට බලතල ලබා ගන්නා වු පාලන ක්‍රමයක්. එවැනි පාලන ක්‍රමයකට ජනතාව කැමැති නැහැ.”

“වරිග සභාවක් පත් කරන රාජපක්ෂ වවුල් පාලකයෝ අවසානයේ දී වරිගේ නහ ගන්නවා.අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකාය නියම සුපිරි රියල් පොරක්.ඒ ඩැයල් එක ජය ගන්නවා.”

“වලව්වේ හිලව්වට ගෝඨාභය පත් කරන්න ගිහින් ජනාධිපතිවරණයෙන් පසුව මළ හත්තිලව්වක් වෙනවා. පරාජය වන ගෝඨාභය ජනාධිපතිවරණයෙන් පසුව ගෝ ගෝ ගෝ ඇමරිකාවට කියලා තමයි අපට අහන්න ලැබෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස