ජනපති කාර්යාල දොර වැසුණු රාජිත පසු නොබසී! දි.මුගේ මළ ගෙදර දී ජනපති හමුවෙයි!

November 22, 2019 at 8:43 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී අද (22) නව ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමුවේය.

ඒ අභාවප්‍රාප්ත හිටපු අගමැති දි.මු. ජයරත්නගේ දේහයට ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේය.

ඒ අවස්ථාවට ජනාධිපතිරවයා, අගමැතිවරයා සහ කතානායකවරයා ඇතුළු මැති ඇමතිවරු ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එකතු විය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජිත සේනාරත්න පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට දැඩි උත්සාහයක නිරත වුවද ඊට අවස්ථාව ලැබුණේ නැත.

අනතුරුව සුදු වෑන් රියදුරෙකු, ආබාධිත රණවිරුවන් පමණක් නොව රණවිරු බිරින්දෑවරු බව පැවසූ කාන්තාවන් ද සමග ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට උත්සාහ කළේය.

පසුගිය යුද සමයේ කොටි සංවිධානයේ රත්තරන් කන්ටේනර් 240ක පටවා ගෙන කොළඹ ගෙන ආ බවට රටට හෙළි කළේ ද එම මාධ්‍ය හමුවක දීය.

කෙසේ වුවද ජනාධිපතිවරයා තමා හමුවට පැමිණි හිටපු ඇමතිවරයා සමග සුහදව සිනාමුසු මුහුණින් කතා කරනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස