රුවන්මැලිය අසල හූ කිව්වේ එජාප කල්ලියක්! රාජිතගේ රණවිරු බිරිඳ අද ගෝඨා වෙනුවෙන් අනුරාධපුරේ!

November 19, 2019 at 12:58 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උළෙලට පැමිණි එජාප ඇමති පිරිසට විරෝධය පෑම සහ හූ කීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ තවත් ඇමතිවරයකු වන රාජිත සේනාරත්න බව හෙළි වී තිබේ.

පසුගිය සතියේ රාජිත සේනාරත්නගේ මාධ්‍ය හමුවක රණවිරු බිරිඳක් ලෙස පෙනී සිටිමින් ගෝඨාභයගෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසා සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටි කාන්තාව මෙම විරෝධතාකරුවන් අතර සිට හඳුනා ගැනීම මගින් මෙම කරුණ තහවුරු වී තිබේ.

මෙහිදී අදාළ කාන්තාව හොරු ඇතුළේ අපි එළියේ යැයි කියමින් සිරස කැමරාවට මහත් ආවේගයෙන් කෑ ගසන්නේ සාමාන්‍ය ජනතාව එළියේ දමා එජාප ඇමතිවරුන්ට අදාළ ස්ථානයට යාමට අවස්ථාව ලබා දීමට විරෝධය පළ කරමිනි. මෙහිදී ඈ ඇතුළු පිරිස හැසිරෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන් සාමාන්‍ය ජනතාව ලෙසය.

තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වන ගෝඨාභය රාජපක්ෂ සියලුම පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්ට සහ මැති ඇමතිවරුන්ට පොදුවේ ආරාධනා කර තිබිණි.

එම ආරාධනාව පිළිගෙන අදාළ අවස්ථාවට පැමිණි දයා ගමගේ, ජෝන් අමරතුංග, රවී කරුණානායක, වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ට මෙම විරෝධය එල්ල විය.

විශාල ජනකායක් රැඳී සිටි රුවන්මැලි සෑයට පිවිසෙන මාර්ගයේ අදාළ විරෝධතාව මතු වූ ස්ථානයේම සිරස රූපවාහිනියේ කැමරාවක් සවි කර තිබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස