ශ්‍රීලනිපය රකින්න හංස කඳවුරේ බදුයිදීන්, හකීම්, වික්‍රමබාහු, රාජිත, මංගල සහ අර්ජුන චන්ද්‍රිකා සමග කඳවුරු බඳිති! ප්‍රබල ශ්‍රීලනිප නායකයන් කිසිවකු නෑ! (video)

November 6, 2019 at 11:15 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය සංවිධානය කළ සමුළුව ඊයේ (05) කොළඹ සුගතදාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ හිටපු ජනාධිපතිනි ශ්‍රීලනිප අනුශාසක චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා සජිත් ප්‍රේමදාස කඳවුර නියෝජනය කරන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, මංගල සමරවීර, අර්ජුණ රණතුංග ආදීන් සහභාගී වුව ද කුමාර වෙල්ගම හැරුණු විට ශ්‍රීලනිපය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයකු සහභාගී වූයේ නැත.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරු, පිරිසක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසක් සහභාගී වූ බව වාර්තා වන අතර ඔවුන් සංවිධායක ධුරවලින් නෙරපීමට ශ්‍රීලනිපය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

මේ සඳහා ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් සම්බන්ධ කර ගැනීමට අවසාන පැය දක්වාම විශාල පරිශ්‍රමයක් දැරුව ද එය අසාර්ථක වූ අතර බණ්ඩාරනායක පවුලේ සහ එහි සමීතම මිතුරන්ගේ බලපෑම් නිසා විමුක්ති කුමාරතුංග ද ඊට සහභාගී නොවූ බව වාර්තා වෙයි.

සමුළුව අමතමින් චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම කුමාර වෙල්ගම ද ශ්‍රීලනිපය රැකගැනීමට ගෝඨාභය පරාජය කළ යුතු බව අවධාරණය කළ අතර ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාසට සහාය ලබා දිය යුතු බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස