දකුණට නොකියන උතුරට කියන සජිත් රනිල් ගිවිසුම! තිරය පිටුපස සැබෑ කතාව මෙන්න! (video)

September 29, 2019 at 7:47 am | by emanisa.lk

බහුතර සිංහල ඡන්ද ගෝඨාභය රාජපක්ෂට ලැබෙන නිසා උපරිම බලය බෙදීම, මාස හයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි සුළු ජාතික ඉල්ලීිම් පිළිබඳ පොරොන්දුවක් ලබා නොදී එජාපයට ජනාධිපතිවරණය ජයගත නොහැකි බව එජාප නායකයන් සාකච්ඡා කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, රවී කරුණානායක වැනි පිරිසක් එම මතය දරති.

කෙසේ වුවද එවැනි ගිවිසුම් එකඟතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ යුතු බවත් එසේ කළහොත් සිංහල ඡන්ද ලබාගත නොහැකි බවත් සජිත් ප්‍රේමදාස එම නායක හමුවේ දී පවසා තිබේ.

මේ නිසා එවැනි එකඟතා අභ්‍යන්තර රහස් ලෙස තබාගත යුතු බව සජිත් පාර්ශවයේ අදහස වී තිබේ. කෙසේ වුවද එම අදහසට රනිල් පාර්ශවය එකඟ වී නොමැති අතර පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබා දීම සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම උපරිම බලය බෙදීම යන යෝජනා සම්මත කරගත් අතර අනතුරුව ඒ පිළිබඳ ප්‍රකාශයක් ද නිකුත් කළේය.

කෙසේ වුවද මේ සියල්ල පිළිබඳ රනිල් සජිත් පාර්ශව එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කරන අතර එය ඉදිරි කාලයේ දී වඩාත් හොඳින් ප්‍රදර්ශනය වනු ඇත. මේ ඒ පිළිබඳ තිරය පිටුපස සැබෑ කතාවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස