ජනපති අපේක්ෂක වෙන්න වැඩිම කැමැත්ත මටයි! – රනිල් සජිත් හමුවේ දී දෙදෙනාම කියයි.. විසඳුමක් නැතිව විසිර යයි…

August 8, 2019 at 8:22 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (06) රාත්‍රියේ පැවති අතර

එහිදී ඉදිරියේදී පිහිටුවීමට නියමිත පුළුල් සන්ධානය හා එහි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි අරලියගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම සාකච්ජාවේදී තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් බව පවසා ඇති අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඒ සඳහා පක්ෂයේ හා වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් රැසක සහය තමාට ඇතැයි සඳහන් කර තිබේ.

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කර ඇති අගමැතිවරයා, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයේ මෙන්ම සුළු ජාතික පක්ෂවල සහය ඇත්තේ තමාට බව අවධාරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කාරණය එකඟත්වයකින් තොරව සාකච්ජාව අවසන්වී ඇත්තේ ඉදිරි දින කිහිපයක් තුලදී නැවත හමුවීමේ අදහස ඇතිවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකවර කැඳවන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් අගමැතිවරයාට ලිපියක් බාරදීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස