ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල්! ඩෙන්ග්සියාවෝ පින් චීනය භාරගත්තේ වයස 70දී බව 70 වෙනි උපන් දින දා රනිල් කියයි…

March 31, 2019 at 7:14 pm | by admin

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 70 වැනි උපන් දිනය ඉකුත්දා සැමරුවේය. අගමැතිවරයා උපන් දිනය වෙනුවෙන් ස්ථාන කිහිපයක සාද පැවැති අතර කොළඹ අරලියගහ මන්දිරයේ මෙන්ම කොළඹ තරු පන්තියේ හෝටලයකද සාද සංවිධානය කර තිබිණ.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අමුත්තන් පිරිසකට ආරාධනා කර තිබිණ. එම රාත්‍රී භෝජන සංග්‍රහයේදී අග්‍රාමාත්‍යවරයා කතාවක්ද කළේය.

ඔහුගේ කතාව අතරවාරයේ විශේෂ දේශපාලන කරුණක්ද අගමැතිවරයා කීවේය. ඇත්ත වශයෙන්ම අපි දන්නවා චීනයේ නායක ඩෙන්ග්සියාඔපින් චීනය ගොඩනගන්න බාරගත්තේ වයස අවුරුදු 70 දී. එතුමා චීනය ගොඩනගන්න සමත් වුණා. ඒවගේ තවත් උදාහරණ ඕන තරම් තියෙනවා. ආදී වශයෙන් රනිල් වික්‍රමසිංහ කරුණු කීවේය.

අගමැතිවරයාගේ එම කතාවෙන් ඉඟියක් කරන්නේ මීළඟ ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ තරගයට එන බවකැයිද දේශපාලන අංශවල කතාබහට ලක්වී තිබේ.

මේ අතර අරලියගහ මන්දිරයේ පැවැති උපන් දින සාදයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් අළලා සකස් කළ කෙටි වාර්තා වැඩසටහන් දෙකක් ද ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

අගමැතිවරයාගේ උපන් දින සාදයට ජනාධිපතිවරයා පැමිණ සිටියේ නැති අතර ඇමති සජිත් ප්‍රේමදාස ද අරලියගහ මන්දිරයේ සාදයට පැමිණ නොසිටි බවද පැවසේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *