මංගල කියන්නේ ආණ්ඩුවේ දූෂිතම ඇමති! මේ වගේ මිනිහෙක් ආණ්ඩුවේ තියාගන්නේ ඇයි! – රනිල්ට නියත විවරණ දුන් පාලිත හිමිගෙන් සජිත් පාර්ශවයට දැඩි ප්‍රහාරයක්….

July 12, 2019 at 7:35 am | by emanisa.lk

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට සූදානම් වන සෝෆා ගිවිසුම පිළිබඳ මෙරට ජනතාව මහත් සැකයෙන් සහ බියෙන් පසුවන බව තිනියාවල පාලිත හිමි පවසයි. මේ ගිවිසුම හොර රහසේම අත්සන් කිරීම පිටුපස සිටින්නේ ඇමති මංගල සමරවීර බවට ද එහිමියන් චෝදනා කරයි.

ලංකාවේ ඇති දූෂිතම අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය බවත් දූෂිතම ඇමතිවරයා මංගල සමරවීර බවත් පැවසූ පාලිත හිමි මෙවැනි අයකු ආණ්ඩුවේ තබා ගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

ඇමති මංගල සමරවීර මේ රටට කිසි දිනක යහපතක් කර නැති බවත් සෝෆා ඇක්සා ගිවිසුම් මගින් රට පාවා දීමට එරෙහි වන ජනතාව හිරේ විලංගුවේ දැමීමට ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන බවත් පාලින හිමි හෙළිකළේය.

එජාපයේ ප්‍රබල චරිතයක් වන තිනියාවල පාලිත හිමි එජාපයට සම්බන්ධ එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම්වරයාය. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන පාලිත හිමි පසුගියදා අගමැතිවරයාට ජනපති වීමට නියත විවරණ දුන්නේය. මංගල සමරවීර එජාප ජනපති අපේක්ෂකයා ඇමති සජිත් ප්‍රේමදාස විය යුතු බව පවසන්නෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස