රනිල් අප්‍රසාදයට ලක්වෙලා! අපේ සහාය සජිත්ට විතරයි! – මුස්ලිම් කොංග්‍රසය

August 4, 2019 at 4:53 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාසට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය අවධානය යොමුකර තිබේ.

ඉදිරි ජනපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස තරග වදින්නේ නම් සිය උපරිම සහාය ලබාදීමටද මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙන බව එම කොංග්‍රසයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිගත නොහැකි තත්වයකට පත්වීමත් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යුක්තිය ඉටු නොවීමත් දේශපාලන ස්ථාවරයේ පවතින ගැටළුකාරී තත්වයත් මත ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් බහුතරයක් දෙනෙකු අතරේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින බව එම කොංග්‍රසයේ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කරමින් මෙම ස්ථාවරයට පැමිණි බවත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකම ස්ථාවරය සජිත් ප්‍රේමදාස පමණක් බවත් එම ප්‍රකාශකයා කීය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොපිළිගන්නා නායකයෙකුට ලබා දෙන්නේ නම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ විපක්ෂ බලවේග හා සාකච්ඡා කිරීම කෙරෙහිද දැඩි අවධානයක් යොමුව ඇතැයිද පැවසීය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ අතරේ ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස