මලික් පිං ඇමතියෙක්! දවල් මිගෙල් රෑ දනියෙල් චරිතේ රඟනවා! ජයග්‍රාහී සන්ධානයට බාධා කරනවා! – රනිල් පිල සජිත් පිලේ පතාකයන්ට තනි කොට පහර දීම අරඹයි! (video)

August 3, 2019 at 8:32 am | by emanisa.lk

ජනාධිපතිවරණය ජය ගැනීම පිණිස එජාපය ගොඩනඟන ජයග්‍රාහී සන්ධානයට බාධා කරන බවට ඇමති මලික් සමරවික්‍රමට චෝදනා නැඟෙයි. එජාප ජාතික ලැයිස්තුවෙන් පත් වූ මලික් සමරවික්‍රම පිං ඇමති ලෙස හැඳින්වීම ද විශේෂත්වයකි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහගේ රූපවාහිනී නාළිකාව ඔස්සේ මෙම චෝදනාව නැඟිණි.

ඇමති මලික් බොහෝ කාලයක් අගමැති රනිල්ගේ සමීපතමයකු වූ අතර මේ වන විට සජිත් ප්‍රේමදාසට පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක්තවය ලබා දිය යුතුය යන මතය දරන්නෙකි.

ඔහු පක්ෂයේ අභිවෘර්ධිය නොතකන ව්‍යාපාරිකයෙකු බවත් දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය රඟ දක්වන බවත් මෙහි දී වැඩි දුරටත් චෝදනා නැඟයෙි. දිය යටින් ගින්දර ගෙන යන ඇමති මලික් එජාපය විනාශය කරා ගෙන යන චරිතයක් බව ද එහිදී කියැවිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස