රනිල් සජිත්ට ජනපති අපේක්ෂක ධුරය තබා මෝදිගේ පරිවාර ඇමතිකමවත් නොදෙයි! සජිත් බලා සිටියදීම ගුවන් තොටට පැමිණ බලෙන්ම පරිවාර ඇමති වෙයි!

June 10, 2019 at 4:34 pm | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමති රාජකාරී එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාසට පැවරුව ද එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ගුවන් තොටට පැමිණ ඇමති සජිත් බලා සිටිය දී ම පරිවාර රාජකාරී ඉටු කර කටුනායක සිට කොළඹ බලා පිටත්විය.

එහිදී පළමුවෙන්ම අගමැති මෝදිගේ රථ පෙළ ද අනතුරුව අගමැති රනිල්ගේ රථ පෙළ ද පැමිණි අතර ඇමති සජිත් ප්‍රේමදාසට පැමිණීමට සිදු වූයේ ඉන් පසුය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ජනාධිපති මන්දිරියට ද එතැනින් ජනාධිපති මන්දිරියට ද අනතුරුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ද අගමැති මෝදි පැමිණෙන අවස්ථාවේදී පමණක් ඇමති සජිත්ට පරිවාර ඇමති රාජකාරි කිරීමේ අවස්ථාව ලැබිණි.

අනතුරුව අගමැති මෝදි කටුනායක ගුවන් තොටට යන අවස්ථාවේ ද අගමැති රනිල් පරිවාර රාජකාරී ඉටු කළ අතර ඇමති සජිත්ට සිදු වූයේ පසෙකට වන්නටය.

මේ ආකාරයට අනාරාධනයෙන්ම අගමැති මෝදිට පරිවාර රාජකාරී කිරීම අගමැති රනිල් භාර ගැනීම පිටුපස ඇත්තේ අද වන විට ඇමති සජිත්ගේ දේශපාලන නැඟීම නිසා ඔහු තුළ හට ගෙන ඇති භීතිය බව ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *