ගෝඨා දිනුවොත් හිටපු මැති ඇමතිවරුන්ට නාම යෝජනා ලැබෙන්නෙත් නෑ! අපි ශ්‍රීලනිපය රැකගන්න එජාපයේ සජිත් ඇමතිතුමා ජනාධිපති කරනවා! – ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය

October 11, 2019 at 12:02 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය රැකගැනීම සඳහා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු ඊයේ (10) ඇමති මංගල සමරවීරගේ නිවසේ දී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළේය.

“අපි දැක්කා ඊයේ දුමින්ද දිසානායකට එතුමාගේ කතාව ඉවරවෙනකන් අනුරාධපුරයේදී සල්ගාදු ක්‍රීඩාංගනයේදී ලැබුණු ප්‍රතිචාරය. ඒ වගේම චන්දි වීරක්කොඩි ඇමතිතුමා දිගින් දිගටම මාධ්‍යවලට කියනවා වගේ හැඳි දෙකකින් බෙදා ගන්න නම් මේ කටයුත්තට හොඳයි. හැබැයි අපි ඒකට එකඟ නැහැ.

යම්කිසි විදිහකින් පොහොට්ටුවේ අපේක්ෂකයා ජයග්‍රහණය කළොත් ඊට පස්සේ අපේ සංවිධායකවරුන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිටපු ඇමතිවරුන්ට නාමයෝජනා ලැබෙන්නෙත් නැහැ. ලැබුණත් 2015 අගෝස්තු මැතිවරණයේදී සිදුවුණ දේ සිද්ධ වෙන්න පුළුවන්.

ඒ නිසා අද අපි 26 දෙනෙක් මංගල ඇමතිතුමාගේ නිවසේදී සාකච්ඡාවක් කළා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවෙලා ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන්න.”

තමන් සමග හිටපු ජනාධිපතිනිය, කුමාර වෙල්ගම මෙන්ම ශ්‍රීලනිප පාක්ෂිකයන් විශාල පිරිසක් සිටින බවත් හෙතෙම හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස