පොහොට්ටුවේ කුමාර වෙල්ගම කලකට පසු ශ්‍රීලනිප මහ ගෙදරට යයි! මහ ලේකම්වරු ඉඹලා පිළිගනිති!

June 27, 2019 at 7:56 am | by emanisa.lk

දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන් විය යුතු බව කියන කුමාර වෙල්ගම පසුගියදා හදිසියේම ශ්‍රීලනිප මූලස්ථානයට ගොස් තිබේ.

මෙයට පෙර ශ්‍රීලනිපය ද විවේචනය කරමින් සිටි කුමාර වෙල්ගම බොහෝ කාලයකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට ගොස් ඇත්තේ බොහෝ කාලයකට පසුය. ඒ එහි පැවති පිරිත් පිංකමකට සහභාගී වීමටය.

මේ අවස්ථාවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් කුමාර වෙල්ගම ඉතාම උණුසුම් ලෙස පිළිගෙන තිබේ. කෙසේ වුවද කුමාර වෙල්ගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි.

පසුගියදා කුමාර වෙල්ගම පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ යනු යුද්ධයට බියෙන් ඇමරිකාවට පළා ගිය අයකු බවය. ඔහු නැවත ශ්‍රීලනිප මූලස්ථානය කරා පැමිණීම සුබ සලකුණක් ලෙස එහි සිටි පිරිස කතාබහ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ සිය මන්ත්‍රීි කණ්ඩායමේ 54 දෙනෙකු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව පවසන අතර එක් අයකු තමන් ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව පවසන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස