ශ්‍රීලනිපය ගෝඨාට සහාය දුන්නොත් අපි වෙල්ගමට සහාය දෙනවා! – ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය

August 31, 2019 at 1:22 pm | by emanisa.lk

ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට තීරණය කළහොත් තමන් වෙනම අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු පවසයි.

ශ්‍රීලනිපය පොහොට්ටුව හා එක්වුණොත් වෙනම ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති කුමාර වෙල්ගම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ අනුව එවැනි තත්ත්වයකදී තම කණ්ඩායමේ සහයෝගය ඔහුට ලබාදෙන බව ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රීලනිපය තනිව ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි තම කණ්ඩායම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට යෝජනා කර ඇතැයි ද ඔහු කියා සිටියි.

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය, ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 18ක් නියෝජනය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස