කුමාර වෙල්ගමට ජනාධිපති ධුරය එපා වෙයි! වෙල්ගම ඇතුළු 06ක් නාම යෝජනා භාර නොදෙයි!

October 7, 2019 at 11:44 am | by emanisa.lk

ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන් 35 දෙනෙකු නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

එසේම අපේක්ෂකයින් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. ඒ අතර කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ ද වෙයි. චමල් රාජපක්ෂ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණිය ද කුමාර වෙල්ගම පැමිණියේ ද නැත.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ 41 දෙනාගෙන් 35 දෙනෙකු පමණක් ජනාධිපතිවරණයට තරඟ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස