මට දිනන්න බැරි නිසා නාමයෝජනා දුන්නේ නෑ! ඒ වුණාට රාජපක්ෂලාට විතරක් රජවෙන්න දෙන්න බෑ!- වෙල්ගම

October 7, 2019 at 2:34 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතු බවට වන ස්ථාවරයේ තමන් දැඩිව සිටින බවත් පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුනහොත් කෙටිකාලීනව දේශපාලන විවේකයක් ලබා ගන්නා බවත් අද (07) සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉල්ලා ජයග‍්‍රහණය කිරීමට නොහැකි බව හැඟී ගිය හෙයින් මෙවර නාම යෝජනා භාර නොදුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

රාජපක්ෂවරුන්ට පමණක් තරග බිමට ඒමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දිනේෂ් ගුණවර්ධන හෝ ඉදිරිපත් වූයේ නම් තමන්ට ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස