ඊළාම්වාදීන්ගේ බලාපොරොත්තු සුන්වෙයි! රැජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩක් නෑ!

January 14, 2020 at 8:35 am | by emanisa.lk

ඊළාම්වාදියකු වූ තමිල්නාඩුවේ සුපිරි නළු රැජිනි කාන්ත්ට යාපනයට පැමිණීම සඳහා වීසා බලපත‍්‍ර නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් විසින් රැජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ ඊළාම්වාදීන් හමුවන ලෙස ඇරයුම් කර තිබිණි.

රැජින් කාන්ත් මේ ඇරයුම පිළිගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත් වීමත්, ප‍්‍රභාකරන් මරුමුවට පත් වීමත් ගැන විරෝධය පළ කර තිබූ රැජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ඉන්දීය හමුදාව යැවිය යුතු බව පවසා තිබිණි.

රැජිනි කාන්ත්ව මෙරටට ගෙන්වන්නේ දේශපාලන කටයුතු සඳහා බවත් එවැනි ක්‍රියාදාමයකට වීසා බලපත‍්‍ර ලබා නොදෙන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

රැජිනි කාන්ත් උතුරට පැමිණීම භාරගෙන ඇති බවට තොරතුරු ප‍්‍රචාරය වීමත් සමගම උතුරේ ඊළාම්වාදීන් ඔහු මහත් හරසරින් පිළිගැනීමේ සැලසුමක් දියත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස