ඇල්පිටිය එජාප අවසන් රැලියට පාක්ෂිකයෝ දෙන්නයි! ආශු මාරසිංහ ජනතාව අමතයි! (video)

October 9, 2019 at 11:13 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් ප්‍රචාරක රැලි ඊයේ ඇල්පිටි නගරයේදී පැවැත්විණි. මෙහිදී එජාප ජනරැලිවලට ජනතාව නොමැති නිසා ඉන් කිහිපයක් නතර කිරීමට සිදු වූ අතර අවසාන රැලියට පැමිණීමට නියමිතව සිටි රනිල් වික්‍රමසිංහ පැමිණියේ ද නැත.

මේ අතර අවසන් රැලියට ජනතාව 30-40කට වඩා සහභාගී නොවූ බව වාර්තා වන අතර වේදිකාව පහළ අසුන්ගෙන දෙදෙනෙකු පමණක් සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ජනතාව අමතන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි.

මෙලෙස වේදිකාව ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ අදාළ ජනහමුව සඳහා ශබ්ද පරිපාලන යන්ත්‍ර සැපයූ පුද්ගලයන් බවත් ඔවුන්ට සිය උපකරණ රැගෙන යාම සඳහා ජනහමුව අවසන් වන තුරු එහි රැඳී සිටීමට සිදුව ඇති බවත් සමාජමාධ්‍ය වාර්තා කර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස