ආණ්ඩුවේ ඇල්පිටියේ ඉඩම් බෙදයි! මැකො නිලධාරීන් ඉඩම් අල්ලස් නවතයි!

October 9, 2019 at 9:48 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ආසන්නව තිබියදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඇල්පිටිය, පිළිකාන ප්‍රදේශයේ ඉඩමක අනවසර පදිංචිකරුවන්ට එම ඉඩම් නීත්‍යනුකූලව පැවරීම සඳහා එම කොමිසමේ නිලධාරියකු මූලික කටයුතු සිදු කරන බවට ලද තොරතුරකට අනුව එම කටයුත්ත වහා නතර කිරීමට ඇල්පිටිය මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය ඊයේ (08) කටයුතු කළේය.

මෙම සිද්ධිය සැලවී එම ස්ථානයට ගිය ඇල්පිටිය මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය භාර සහකාර තේරීම් භාර නිලධාරි සුමේධ චන්ද්‍රජිත් ඇතුළු නිලධාරීන් විසින් එම කටයුත්ත වහා නතර කිරීමට කටයුතු කරන ලදී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන්ගේ දැනුම්දීම මත නවක නිලධාරියයකු අදාළ ඉඩමට පැමිණ ඇතැයිද මෙහිදී අනාවරණය වී ඇත. ඉඩමට පැමිණි නිලධාරියාගෙන් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයේ නිලධාරීන් ප්‍රකාශයක්ද සටහන් කර ගත්තේය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ බෙන්තර ඇල්පිටිය එජාප සංවිධායක ගයන්ත කරුණාතිලකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස