අපි අපේ රටට ආදරේ කළ යුතුයි! රටේ ඒකීයත්වය රකිමින් රට දියුණු කළ යුතුයි! – කාදිනල්තුමා

November 16, 2019 at 12:04 am | by emanisa.lk

අපේ රටේ සමානාත්මතාව සහ සතුට ඇති කිරීම අප හමුවේ ඇති අභියෝගය බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.

සීදුව ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට එකතු වෙමින් අද (15) එහිමියන් මේ බව ප්‍රකාශ කළේය.

අප රට දියුණු කළ යුතු බවත් රටේ ඒකීයත්වය ආරක්ෂා කළ යුතු බවත් එහිමියන් පෙන්වා දුන්නේය.

එය අප සියලු දෙනා හමුවේ ඇති අභියෝගයක් බවත් ඒ සඳහා අප එක්ව වැඩ කළ යුතු බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

ජනාධිපතිවරණය පැවැත්වෙන මේ අවස්ථාවේ අප රටේ සුබ සිද්ධිය වෙනුවෙන් යාඥා කළ යුතු බව ද පැවසූහ.

උන් වහන්සේගේ 72 වන උපන් දිනය ද අදට යෙදී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස