ජනතාවට නීතිය අතට ගැනීමට ඉඩ නොතබා වහාම ත්‍රස්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු! – කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි…

April 29, 2019 at 8:47 pm | by admin

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට නායකත්වය දුන් ඇතැම් අය, රටින් පළා ගොස් ඇත්දැයි තමන් සැක පළ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

එලෙස ගැලවී යා නොදී වගකිවයුතු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ අවධාරණය කරති.

මේ කටයුතු සඳහා උදව් කළ අදාළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැගෙන ඒමට උදව් කළ රේගුවේ හෝ ආරක්ෂක අංශවල හෝ මැති ඇමතිවරුන් හෝ සැක කරයි නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතු බව එහිමියෝ පෙන්වා දෙති.

එසේ නොළහොත්, ඊට එරෙහිව විරෝධතා ආරම්භ කරන බව ද එම ජනතාව තමන්ට පාලනය කළ නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බව ද ජනතාව සමග එම විරෝධතා ඉදිරියෙන්ම තමන් ගමන් කරන බව ද කාදිනල් හිමි පවසයි.

එහෙයින් තමන්ට නීතිය අතට ගැනීමට ඉඩ නොතබා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න යැයි කාදිනල් හිමි රජයට අවධාරණය කරයි. මේ අවස්ථාවේ පවතින නීති යටතේ ක්‍රියාත්මක නොවී නීති වෙනස් කිරීිමට සූදානම් වන්නේ ප්‍රශ්නයෙන් මග ඇරීමට බව ද උන් වහන්සේ පැවසූහ.

මෙතෙක් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව ද එකිනෙකා ලකුණු දමා ගැනීමට මිස ගැටලුව විසඳීමට ආණ්ඩුවේ නායකයන් කටයුතු නොකරන බව ද කාදිනල් හිමි පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස