කාදිනල්තුමා මේ රට සිංහල බෞද්ධ කියද්දි කට කැඩිච්චි කතා කියලා රට ගිනි තබන ඇමති මංගල ලා ගැනත් පරීක්ෂණ කරන්න ඕන! – මාවරලේ භද්දිය හිමි

May 14, 2019 at 10:44 pm | by admin

අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට නොයෑම මගින් ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ දැක්වූ නොසැලකිල්ල තහවුරු වන බව ද රටේ නායකයන් නිලධාරීන් සහ විපක්ෂය අනුගමනය කළ අදූරදර්ශී ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල අද ජාතියක් ලෙස අප භුක්ති විඳින බව ද පූජ්‍ය මාවරලේ භද්දිය හිමි පැවසීය.

අද (14) කොළඹ දී ජාතික හෙළ උරුමයට සම්බන්ධ පිරිසකගේ මූලිකත්වයෙන් ආරම්භ කළ ජාතික මග සංවිධානයේ මංගල සමුළුවට සහභාගී වෙමින් උන් වහන්සේ මෙසේ සඳහන් කළහ.

ජනපති අගමැති මැති ඇමතිවරු මාධ්‍ය වෙත පැමිණ දුක කියන බව ද එවිට අප කවුද ඔවුන් කවුද කියා අපට සිතෙන බව ද පැවසූ භද්දිය හිමි රට මෙවැනි විහිළුකාරී තත්ත්වයක් කරා ඇදගෙන යාම ආණ්ඩුව කළ බරපතළ වරදක් බව ද සඳහන් කළේය.

අද භික්ෂූන් වහන්සේ නමක් පවා මේ රට සිංහල බෞද්ධ යැයි කීමට මැලි වන පසුබිමක කාදිනල්තුමා එසේ පවසන බව ද එවිට මංගල සමරවීර ඇමතිවරයාට පමණක් අසනීපයක් හැදෙන බව සඳහන් කළ භද්දිය හිමි මේවා මෙවැනි අවස්ථාවක ඇමතිවරයකු කිව යුතු කතා දැයි ප්‍රශ්න කරයි.

කොල්ලන් ෆේස්බුක් පෝස්ට් දමා රට ගිනි තැබීම ගැන වගේම ඇමතිවරුන් කට කැඩිච්චි කතා කියා රට ගිනි තැබීම ගැනත් පරීක්ෂණ කළ යුතු යැයි උන් වහන්සේ අවධාරණය කළහ. නිහඬව සිටින ජනතාව කුපිත වීමට මේ දේශපාලකයන්ගේ වගකීම් විරහිත කතා බලපා ඇති බව දේශපාලකයන් තේරුම්ගත යුතු යැයි ද ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව වැනි මාතෘකා දූෂණය කර ඇති නිසා මිනිසුන්ට ඒවා ඇසෙන විට හිනා යන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස