උතුරු නැඟෙනහිර ප්‍රශ්නය ව්‍යවස්ථාවෙන් විසඳන්න බෑ! නිදහස් දා අගරදගුරු හිමිගෙන් නැවතත් ප්‍රහාරයක්!

February 4, 2019 at 4:56 pm | by admin

උතුරු නැඟෙනහිර ප්‍රශ්නය ඇතැමුන් ව්‍යවස්ථාවක් මගින් විසඳීමට උත්සාහ කරන කළත් එය විසඳිය හැක්කේ හදවතින් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

අපේ දරුවන්ට සිංහල සහ දෙමළ යන භාෂා දෙකම ඉගැන්විය හැකි පරිසරයක් මෙතෙක් නිර්මාණය වී නැති බව ද එහෙයින් අප වෙන් වූ ජාතීන් ලෙස මේ රටේ ජීවත් වන බව ද එහිමියෝ පෙන්වා දෙති. අද සිට හෝ රටේ සැබෑ සාමය ගොඩ නැඟීමට එකතු විය යුතුය. එය ව්‍යවස්ථාව මගින් හෝ නීතිය මගින් කළ නොහැකි අතර කළ හැක්කේ හදවත් එකතු කිරීමකින් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *