නව ශ්‍රී ලංකාව ගොඩනැඟිය යුත්තේ බෞද්ධ ශිෂ්ටාචාරය මතයි! – මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා (video)

March 11, 2019 at 8:08 am | by admin

අපේ රට විදේශීය රටවලට යටත් වුණේ අපේ අසමගිය නිසා බවත් අප භේද නොවී එකමුතු විය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි. එහි දී උන් වහන්සේ වැඩි දුරටත් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා භූමියේ අපට පන්සල දාගැබ විහාරය නිතර දකින්න පුළුවන්. මේ පරිසරයට පිටුපාලා අපට නව ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න බෑ, විවිධ ජාතීන් ආගමිකයන් එකමුතුව ජීවත් වන ශ්‍රී ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ ආභාසය අපි හැමෝටම ලැබෙනවා. අප ගොඩනඟන සමානත්වය තුළ ආගමික චින්තනය සංස්කෘතියට හිමි තැන අහිමි කරන්න බෑ,”

“බටහිර අනාගමික රටවල සිදුවන ඇතැම් දේවල් අපේ සංස්කෘතියට සභ්‍යත්වයට ගැළපෙන්නේ නෑ. ඒ නිසා ඒ සියල්ල අප අනුගමනය කළ යුතු නෑ. අපේ උරුමය ධාර්මික පැවැත්ම තුළ අප මේ සියල්ල තෝරා බේරාගත යුතුයි. මේ රට විදේශීය රටවලට යටත් වුණේ අප අතර ම ඇති වූ භේද නිසායි. ඒ නිසා අප භේද නොවී එකමුතු විය යුතුයි.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස