කතෝලික සභාව මරණ දඬුවමට එරෙහි වෙයි!

February 15, 2019 at 12:40 pm | by admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැනවීමට ගෙන ඇති තීන්දුවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය සිය විරෝධය පළ තිබේ. කතෝලික සභාවේ වත්මන් ස්ථාවරය සහ ඉගැන්වීම් අනුව කිසිදු හේතුවක් නිසා මරණ දඬුවමට එකඟ විය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

කෙසේ වුවද මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ගතයුතු සියලු පියවර ගත යුතු ද බව ද පවුල, ආගමික නායකයන්, අධ්‍යාපන ආයතන ඇතුළු සමාජ කණ්ඩායම් ඊට සම්බන්ධ කර ගත හැකි බව ද පෙන්වා දෙයි. මෙම නිවේදනයට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු රදගුරුවරු 14 දෙනෙක් අත්සන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *