පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදී නායක සහාරන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ, කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තවන් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් විසින් සොයා ගැනිමට සමත්ව තිබේ.
මාවනැල්ල බුදු පිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි මෙම ස්ථානය පිළිබඳ තොරතුරු සොයා ගැනිමට හැකිව තිබේ.
පසුව ඔහු සමග කාත්තන්කුඩි පාලමුනේ, කරබලා ප්‍රදේශයේ ගොස් “සියාද් ගාඩන්” නැමැති හෝටලය සොය ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් සමත්විය. පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා නිළධාරින් පැමිණ මෙම හෝටලයේ කාමර සහ භුමිය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබිය.
හෝටලයේ අයිතිකරු සහ මීට පෙර මෙම ඉඩමේ අයිතිනරුගෙන් ප්‍රශ්න කර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් කටයුතු කරනු ලැබීය.
මෙම ස්ථානයේ සහාරාන් සමග කටයුතු කළ බෝම්බ පුපුරුවා ගෙන මිය ගිය අයගේ බිරින්දෑවරැ පිරිසක් මෙම ස්ථානයේ සහරාන් පැවැත්වු දේශනවලට සහාභාගි වි ඇති බව ද පරීක්ෂණවලින් කරුණු හෙලි කර ගැනිමටද පරීක්ෂණ පැවැත්වු නිළධාරින් සමත් වි තිබේ. මේ පිපිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.
Copyright © 2025 emanisa.lk