අන්‍යාගමිකයෝ මරලා දාන්න කියලා ඉගැන්නුවේ පරණ සිලබස් එකේ! අලුත් සිලබස් එකේ ඒවා නැති නිසා අවුලක් නෑ! – අධ්‍යාපන ඇමති

June 22, 2019 at 12:58 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අනාවරණය වූ ආකාරයට ඉස්ලාම් ආගම අතහැර යන පුද්ගලයන් මරා දැමිය යුතු බව සඳහන් වූයේ පැරණි පෙළපොත්වල බව ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

අලුත් විෂය නිර්දේශයේ එවැනි කොටස් නොමැති බවත් එහෙයින් ගැටලුවක් පැන නොනඟින බවත් හෙතෙම සඳහන් කරයි.

පසුගියදා රිස්වින් ස්මිත් නම් ඉස්ලාම් ආගම අතහැර ගිය අයකු පසුගියදා පාස්කු ප්‍රහාර කමිටුව හමුවේ ප්‍රකාශ කළේ ලංකාවේ රජයේ පාසල් පෙළපොත්වල ඉස්ලාම් ආගම අතහැර ගිය අයකු මරා දැමිය යුතු බව ඉගැන්වෙන බවය. එසේම ඔහු ඉස්ලාමයේ සතුරකු (කෆීර්) ලෙස සැලකිය යුතු බව උගන්වන බවය.

මෙවැනි තත්ත්වයක් තුළ සහරාන්ලා බිහි වන්නට වෙනත් රටකින් ත්‍රස්තවාදීන් පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් රිස්වින් කිසිදු විමර්ශනයක් සිදු නොවන මද්රාසා පාසල්වල මීට වඩා භයානක දේ ඉගැන්විය හැකි බව සඳහන් කළේය.

එසේම තමා කලකට පෙර සහභාගී වූ මාවනැල්ල බුදු පිළිම විනාශ කළ අයගේ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් නම් ආගමික සංවිධානයක වැඩමුළුවක දී මේ රට ඉස්ලාමීයකරණය කිරීමේ අවශ්‍යතාව ගැන අවධාරණය කළ බව ද හෙළි කළේය. එම සංවිධානයේ අල් හස්නා නම් මාසික සඟරාවේ මරා ගෙන මැරෙන ප්‍රහාර අනුමත කළ බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස