පන්සල් හෝ වෙසක් කළාපවලට පහර දීමේ ත්‍රස්ත සැලසුමක් හෙළිවෙයි! ප්‍රහාරයට මිලට ගත් කාන්තා ඇඳුම් කට්ටල 09කින් 05ක් සයින්දමරුදු නිවසේ!

April 29, 2019 at 9:37 am | by admin

තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් කාන්තාවන් යොදා ගෙන පන්සල් වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන තිබේ.

පසුගියදා තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ පියා සොහොයුරන් දෙදෙනා ඇතුළු පිරිසක් මරාගෙන මැරුණු සයින්දමරුදු නිවසේ තිබී සුදු සාය හැට්ට යට ඇඳුම් ඇතුළු ඇඳුම් කට්ටල 05ක් ද ගිරිඋල්ල ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් එවැනි ඇඳුම් කට්ටල 09ක් මිලට ගත් බිල් පතක් ද හමු වී තිබේ.

එම නිවසේ තිබූ බෑගයක ලිපිනය ඔස්සේ අදාළ වෙළෙඳසැලට ගොස් එහි CCTV කැමරා පරීක්ෂා කළ බුද්ධි අංශ මුහුණු ආවරණය කරගත් කාන්තාවන් තිදෙනෙක් එම ඇඳුම් මිලට ගන්නා ආකාරය හඳුනා ගෙන තිබේ. එම ඇඳුම් මිලයට ගත්තේ මෙම කාන්තාවන්ම ද සෙසු ඇඳුම් කට්ටල 04ට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ දැන් පරීක්ෂණ පැවැත්වෙයි.

මේ අනුව එම ත්‍රස්තවාදීන් කාන්තාවන් සුදු ඇඳුමින් සරසා විහාරස්ථා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධි අංශ සැකපළ කරයි. එළඹෙන වෙසක් සමයේ විහාරස්ථානවලට හෝ වෙසක් කළාප වෙත කඩා වැදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම මගින් අතිවිශාල හානියක් සිදු කළ හැකිය.

මෙම පිරිස සුදු පැහැ වෑන් රථයකින් ගමන් කර තිබේ. ගිරිඋල්ල රෙදි වෙළෙඳසැලේ සේවකයන් විමසිල්ලෙන් සිටිය් නම් මුහුණු ආවරණය කරගත් කාන්තාවන් පිරිසක් සිංහල කාන්තාවන් අඳින ඇඳුම් මිලයට ගැනීම පිළිබඳ ආරක්ෂක අංශවලට දැනුම් දීමට හැකියාව තිබිණි. එසේ වූයේ නම් සයින්දමරුදු ප්‍රහාරය ද වළක්වාගත හැකි වන අතර තවත් ත්‍රස්තවාදීන් පිරිසක් කොටු කර ගැනීමට ද ඉඩ තිබිණි.

තවත්ම රාගෙන මැරෙන බෝම්බකරුවන් රට පුරා නිදැල්ලේ සැරිසරන බව අගමැතිවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබිණි. ජනතාව විමසිල්ලේ සිටීම මෙන්ම ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම ද ඉතා වැදගත්ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස