අන්තවාදය වපුරන Peace TV විකාශය ලංකාවේ අත්හිටුවයි!

May 1, 2019 at 1:22 pm | by admin

ඉස්ලාමීය දේශකයෙකු වන සකීර් නයික්ගේ Peace TV රූපවාහිනිය, අප්‍රෙල් 21 එනම් පාස්කු ඉරු දින සිදුවූ මාරාන්තික බෝම්බ පිපිරීමෙන් පසු තහනම් කිරීමට අවධානය යොමු කළ අතර මේ වන විට ශ්‍රී ලංකාවේ කේබල් ක්‍රියාකරවන peo tv සහ diolog tv ආයතන විසින් එහි විකාශන කටයුතු අවහිර කර ඇති බව වාර්තා වෙයි.

තරුණ තරුණියන් ISIS මතධාරීන් බවට පොළඹවාගැනීමක් මේ හරහා සිදුවන නිසා ඉන්දියාව, පකිස්ථානය මෙන්ම බංගලිදේශය ද මෙහි විකාශන කටයුතු කලක සිට තහනම්කර ඇත.

පසුගිය සඳුදා ISIS සමඟ සබඳතා ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු කේරළ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් අතර ඔහු මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරුම් මාලාවේ ප්‍රධාන බෝම්බකරු බවට සැලකෙන සහරාන් හෂීම් නැමැත්තාද සකිර් නයික්ගේ දේශන සඳහා සවන් දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජාතික ගුවන්විදුලියට ද ඉස්ලාම් අන්තවාදය වපුරන බවට පසුගිය සමයේ චෝදනා එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස