ත්‍රස්තවාදීන් සමග පාස්කු ප්‍රහාරය සැලසුම් කර ෆේස්බුක්හි සහජීවන වෙස්ගත් ඉංජිනේරු ත්‍රස්තයා!

May 24, 2019 at 1:57 pm | by admin

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් සමග සබඳතා පවත්වමින් රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරු අක්‍රම් අහක්කම් නම් ත්‍රස්තවාදියා පිළිබඳ මේ වන විට තොරතුරු රැසක් හෙළ වී තිබේ.

2014 වසරේ සිට අයිඑස් ත්‍රස්තයන් සහ ඔවුන් සමග මෙරට සබඳතා පැවැත් වූ පිරිස් සමග සමාජජාලා ඔස්සේ මොහු සබඳතා පවත්වා ඇති අතර 2015 වසරේ කළුබෝවිල පැවැත් වූ ඉස්ලාම් ආගමික අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වී ඇත. එහි දී මේ වන විට අත්අඩංගුවේ පසුවන අහමඩ්, ආදිල් අමීස්, උමෙයිර්, ඉන්ෂාෆ්, සෂ්න මොහොමඩ් යන පුද්ගලයින් හමු වී ඇත.

අනතුරුව සමාජජාලා ඔස්සේ හඳුනාගත් හුස්නි මුබාරක්ගේ විවාහයට කල්මුණේ ගොස් ඇති අතර එහිදී සහරාන් හසීම් මුණ ගැසීමට ජාතික තවුහිද් ජමාත් සංවිධාන කාර්යාලයට පිරිස ගොස් තිබේ. 2016 වසරේ මල්වාන ප්‍රදේශයේ ස්ථානයක මෙම පිරිස දිවුරුමක් දී ඇත.
අනතුරුව මහනුවර රැස්වූ පිරිස බුදු පිළිම විනාශ කිරීමට ද යුදමය තත්ත්වයක් ඇති වුවහොත් මරාගෙන මැරීමට ද සාකච්ඡා කර තිබේ.

වැඩමුළු කිහිපයකට පසු සහරාන් මරාගෙන මැරෙන්නට කැමති අය පිළිබඳ විමසා ඇති අතර දෙහිවල බෝම්බකරුවූ සහ කොච්චිකඩේ බෝම්බකරු ඊට කැමති වී ඇති අතර සහරාන් සමග සිටි 5 දෙනෙකු ද ඊට එකතු වී ඇත. දෙහිවල සහ කොච්චිකඩේ බෝම්බකරුවන් 2019 වසරේ දී මොහු සේවය කරන ආයතනයට පැමිණ ඔහු හමු වී ඇත.

අබු කලීඩ් යන නාමයෙන් විවිධ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති සැකකරු පාස්කු ප්‍රහාරයට පසු සිය නමින් පවත්වා ගෙන ගිය ගිණුම ඔස්සේ එම ප්‍රහාරයට එරෙහි අදහස් පළ කර ඇත.

මෙම සියලු ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දී ප්‍රහාරයට පසු අක්‍රම් අහක්කම් නම් ත්‍රස්තවාදියා එම ප්‍රහාරයට එරෙහිව සිය ගිණුම ඔස්සේ පළ කළ මධ්‍යස්ත මතදාරී සහජීවන අදහස් කිහිපයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *