කඳවුරු 17ක ඉස්ලාම් ත්‍රස්තවාදීන් 1000ක් පුහුණුව ලබලා! තවම අත්අඩංගුවට ගත්තේ 100යි!

May 22, 2019 at 9:10 am | by admin

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් දහසකට (1000) අධික පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. කුරුණෑගල මහ රෝහලේ රාජකාරි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සහජහාන් නමැති තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයා මෙම තොරතුරු හෙළි කර ඇත.

තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් හෂීම් සහ ප‍්‍රාදේශීය නායකයන් යටතේ රටේ විවිධ ප‍්‍රදේශවල පුහුණු කඳවුරු 17 ක් පවත්වාගෙන ගොස් තිබේ. මෙම කඳවුරුවල පුහුණුව ලැබූ තව්හිද් ජමාත් සාමාජිකයන්ගේ දහසකට අධික පිරිසක් සිටින බව අනාවරණය වී තිබේ.

මෙසේ පුහුණු වූ තව්හිද් ජමාත් ත‍්‍රස්තයන් රැසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

වනාතවිල්ලූව, නුවරඑළිය, කුරුණෑගල, සමන්තුරේ, අක්කරපත්තුව, කල්මුණේ, හම්බන්තොට, මහනුවර, ඇතුළු ප‍්‍රදේශ 17 ක තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරු ස්ථාපිතකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

කෙසේ වුවද ජනාධිතිවරයා අගමැතිවරයා මෙන්ම රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන ද පසුගිය දිනවල පුන පුනා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදීන් 97%ක් පමණ අත්අඩංගුවට ගෙන අවසන් බවය. එහෙත් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ 100ක පමණ පිරිසකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස