අගමැති ධුරයෙන් ඉවත් වූවා සේ විපක්ෂ නායක ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට තමා සූදානම් බවත්, ඒ සඳහා පක්ෂයේ බහුතරය කැමැති විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේ නොමැතිව සුළු පිරිසකගේ බලපෑම් සහ තර්ජනයට තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නැතැයි ද අගමැතිවරයා සඳහන් කර ඇත.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය සිටින්නේ තමා සමග බවත්, ඔවුන් ගනු ලබන තීරණයට තමා හිස නමන බවත් රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.