තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් අධිකරණ විනිසුරෝ වෙලා! රටම විරුද්ධ වෙද්දි තවුහිද් පල්ලි හදන්න අවසර දුන්නේ ඔවුන්! – අසාද් සාලි

May 5, 2019 at 7:11 am | by admin

කිසියම් ප්‍රදේශයක කිහිප දෙනෙකු තවුහිද් නමින් එකතු වී නිවසක් අරගෙන ජුම්මා (යාඥා) කරන්නේ නම් එය නීති විරෝධී මෙන්ම ආගම් විරෝධී බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි. මේ පිළිබඳ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව පොලිසියට ගොස් පැමිණිලි කළ විට පොලිසිය කවුහිද් ජමාද් කල්ලිය ආරක්ෂා කළ බවට සාලි චෝදනා කරයි.

තවුහිද් ජාමාත් සංවිධානයේ අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු ද සිටින බවත් අගවිනිසුරුවරයා ඔවුන්ට එරෙහිව තීන්දුවක් ගත යුතු බවත් හෙතෙම පවසයි. වකූබ් මණ්ඩලයෙන් ප්‍රාදේශීය සභාවෙන් තවුහිද් ජමාත් පල්ලි තැනීමට අවසර ලබා නොදුන් විට එම තහනම නොතකා ඒවා තැනීමට අවසර දුන්නේ මෙම විනිසුරුවරුන් බව ආණ්ඩුකාරවරයා හෙළි කළේය. මේවාට අදාළ ලියකියවිලි තමන් සතු බවත් ඒවා පිළිබඳ අගවිනිසුරුවරායට දැනුම් දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *