මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත්‍රස්තවාදීන් රැක්ක අසාද් සාලි පරීක්ෂණ මෙහෙය වූ පොලිස් අධිකාරිටත් තර්ජනය කරයි!

September 4, 2019 at 11:23 am | by emanisa.lk

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධිය පිළිබඳ තොරතුරු මාධ්‍ය හමුවේ හෙළිදරව කළ සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන්ට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ (03) තර්ජනය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි.

බුදුපිළිම කඩාදැමිමේ සිද්ධිය විමර්ශනය කිරීමේ කණ්ඩායමේ ප්‍රධානියා වූ මෙම සහකාර පොලිස් අධිකාරිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගතයුතු බව මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

“මාවනැල්ලේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගන්න දුන්නැත්තේ ආසාද් සාලි. නමුත් ඔහුගෙන් කටඋත්තරයක්වත් ගත්තේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන තේරීම්කාරක සභාවට ගාමිණී තෙන්නකෝන් කැඳවන්න කියලා අපි කතා නායකවරයාගෙන් ඉල්ලා සිටියත් එම කැඳවීම සිදුවුණෙත් නැහැ.

අසාද් සාලිගේ තොරතුරු සමාජයට කිව්වෙ ඇයිද කියලා අහලා තර්ජනය සිදුකර තියෙන්නේ. අසාද් සාලිගේ මේ දුෂ්ට උත්සහය පිළිකුලෙන් හෙළා දකිනවා. වහාම අසාද් සාලි අත්අඩංගුවට ගන්න ඕන.

එවිට වහබ්වාදි අන්තවාදි සියලු දෙනා ගැන හෙළිදරව් කරගන්න පුළුවන්. මොහු ආගිය තැන් හොයන්න ඕන. ජාත්‍යන්තර සබඳතා හොයන්න ඕන. ජාතික වශයෙන් ව්‍යාප්තවෙලා තියෙන්නෙ කොහේද, ඊළඟ සැලසුම් මොනවාද කියා එවිට සොයාගන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස