මුස්ලිම් අන්තවාදයට එරෙහිව ජීවිතය පුදන්න එජාපයේ රතන හිමි සූදානම්! දළදා මාළිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹයි!

May 31, 2019 at 11:23 am | by admin

ඇමති රිෂාඩ් බදියුදීන් මෙන්ම ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර, දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයන් තිදෙනා වහාම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දුවක්ගත යුතු බවත් නො එසේ නම් සම්බුද්ධ ශාසනය රැක ගැනීම උදෙසා සිය ජීවිතය පූජා කරන බවත් උන් වහන්සේ පැවසූහ.

මෙයට පෙර අවස්ථා ගණනාවක දී රතන හිමි මේ තිදෙනා වහාම තනතුරුවලින් ඉවත් කළ යුුතු බවට ආණ්ඩුවට බලපෑම් කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය යටපත් කිරීමට ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවේය. ජනාධිපතිවරයා සිය ආණ්ඩුකාරවරු දෙදෙනාට පළාත් සංවර්ධන කමිටුවල සම සභාපති ධුර ලබා දීමට ද කටයුතු කළේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට අතුරලියේ රතන හිමි සුවිශාල කාර්යභාරයක් ඉටු කළ අතර ඒ සඳහා ඒ අවස්ථාවේ තිබුණේ සිය ආධ්‍යාත්මික ශක්තිය පමණක් බව එහිමියන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *