අරාබි භාෂා පුවරු ඉවත් කරන ආණ්ඩුවේ චක්‍රලේඛය කාත්තන්කුඩි නගර සභාවට තව පැහැදිලි කරගන්න ඕනලු!

June 13, 2019 at 1:03 pm | by emanisa.lk

පාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී අසාද්ගේ ශරීරයේ කොටස් කාත්තාන්කුඩිහි භූමිදානය නෙකිරීමේ යෝජනාවක් කාන්තන්කුඩි නගර සභා විශේෂ රැස්වීමේදී සම්මත වී තිබේ.

කාන්තන්කුඩි නගර සභාවේ විශේෂ සභා රැස්වීම ඊයේ (12) නගරසභා සභාපති එස්. එච්. අස්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී මෙම යෝජනාව සම්මත කළේය.

මෙහිදී පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් අරාබි වචන ඉවත්කළ යුතුය යනුවෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීමට නගර සභාව තීරණය කර තිබේ.

එසේම කාත්තාන්කුඩි පිවිසුම් පිළිගැනීමේ තොරණේ ඇති අරාබි වචන ඉවත් කිරීම සම්බන්ධයෙන් නගර සභාව තීරණයක් ගත යුතු බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස