ජනපති නියෝජිත සාලි පැමිණි විට ආරක්ෂාව නැතැයි කමිටු රැස්වීමෙන් පිරිසක් පිටව යති! (video)

May 30, 2019 at 2:51 pm | by admin

කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ පැමිණීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථායෙන් ඉවත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා සභාගි වූ අතර අණ්ඩුකාරවරයා පැමිණීමත් සමඟ එහි සිටි කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථානයේ ආක්ෂාව නොමැති බව පවසමින් ඉවත්ව ගොස් තිබේ.

කෙසේ වුවද පොදුජන පෙරමුණේ නායකයකු වන කුමාර වෙල්ගම අසාද් සාලි පැමිණි විට අසුනින් නැඟිට ඔහුට මුලසුන ලබා දෙනු දක්නට ලැබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස