මතුගම ඉස්කෝලෙන් අහුවුණේ ආමි එකේ බෝම්බ! එකම පල්ලිය හත් අට පාර සෝදිසි කරන්නේ මොන උලව්වටද? අසාද් සාලි (video)

May 25, 2019 at 10:03 am | by admin

මතුගම සිංහරාජ වනාන්තරය අසල පාසලකින් හමු වූයේ යුද හමුදාව භාවිත කරන අත්බෝම්බ යැයි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

දිගින් දිගටම සිදුවන මෙහෙයමු නිසා මුස්ලිම් ජනතාව කලකිරී ඇති බව පවසන ආණ්ඩුකාරවරයා එකම පල්ලිය හත් අට වතාවක් සෝදිසි කරන්නේ මොන ඉලව්වටදැයි ප්‍රශ්න කරයි. ඊට එරෙහිව ආරක්ෂක කවුන්සිලයේ තමා කතා කරන බව ද ඔහු පවසයි.

ඉස්ලාම් ත්‍රස්තවාදයට ආධාර අනුබල දුන් බවට චෝදන නැඟෙන විවිධ පාර්ශව විසින් අත්අඩංගුවට ගත යුතු බව කියන ආණ්ඩුකාර අසාද් සාලි රටේ ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම විශේෂත්වයකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස