ළමා ඉතුරුම් ගණුමටත් බදු පිට බදු ගැසූ මංගල සිගරට් බදු අඩුකරයි! පාඩුව රු. බිලියන 1.47යි! සන්තෝසම ජනාධිපතිවරණ ව්‍යාපාරයට?

October 18, 2019 at 9:40 am | by emanisa.lk

මුදල් ඇමති මංගල සමරවීර බදු විශේෂ විධිවිධාන පනත තමන්ට අවශ්‍ය ආකාරයට නවමින් සිගරට් බදු අඩුකර රජයට විශාල පාඩුවක් සිදුකර සන්තෝසම් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි සිංහලේ සංවිධානය චෝදනා කරයි.

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මුල්‍ය රෙගුලාසි පිලිබදව කිසිදු විදිමත් ක්‍රමෝපායක් අනුගමනය නොකරන මංගල සමරවීර අමාත්‍යවරයා තමන් මුදල් අමත්‍ය ධුරය දරන අවසාන කාලයේදී අත යට විශාල මුදල් ප්‍රමාණයක් බහුජාතික සමාගම් වලින් අහුලා ගැනීමට ක්‍රියාකර තිබේ.

මිට මාස තුනකට පෙර රජයේ ඇති විශේෂ ගැසට් පත්‍රයක් මගින් සිගරට්ටුවක දිග මිමි 67 හා 72 කාණ්ඩය සඳහා වන නිෂ්පාදන බද්ද සිගරට් 1000ක් සඳහා 37,600/= ක් දක්වා ඉහළ නංවන ලදී. අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය මුදල් අමාත්‍යංශයෙන් නිවැරදි පරිදි යොමු කළ ද මුද්‍රණද්වාරය වෙත යොමු කිරීම පමා කිරීමට කළහැකි සියලු දේ කරන ලදී. සෝදුපත් බැලීමට යයි කියමින් අදාළ ගැසට් පත්‍රය මුදල් අමාත්‍යංශයේ නිලදාරීන් ගෙන්වාගත් බවට සාක්ෂි ඕනෑවටත් වඩා අප සතුව ඇත. ඒ අනුව බ්‍රිස්ටල් වර්ගයේ සිගරට්ටුවක් අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර එය ගෝල්ඩ් ලිෆ් වර්ගයේ සිගරට්ටුවක විකුණුම් මිලට ආසන්නයට පැමිණෙන ලදී.

එම ගැසට් නිවේදනය හේතුවන් සිගරට් වෙළඳපොළ උඩු යටිකුරු වූ අතර බහුජාතික සමාගම සමස්ත සිගරට් නිෂ්පාදනය තාවකාලිකව නවතාලීමට කටයුතු කල අතර වෙළඳපොළේ සිගරට් සගවිමටත් වැඩි මිලට සිගරට් අලෙවි කිරීමටත් පටන් ගන්නා ලදි. පසුව බ්‍රිස්ටල් හැර අනෙකුත් සියලුම සිගරට් වර්ග නිෂ්පාදනය කිරීම දින කිහිපයකින් ආරම්භ කළ අතර වෙළඳපොළෙන් සම්පුර්ණයෙන් බ්‍රිස්ටල් වර්ගයේ සිගරට් හෙවත් දිග මිමි 67 හා 72 කාණ්ඩයේ සිගරට් ඉවත්ව යන ලදී.

සමාගම අධික අලාභ තත්වයට පත්වූ අතර වෙළඳපොළ කඩාවැටීම වළක්වා ගැනීම සඳහා සීමිත අනුවාදයක් (limited version) හදුන්වා දෙන ලදී. එයින් පලයක්ද නොවූ බැවින් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග රහසිගත සාකච්චා අරඹන ලදී. මුදල් ඇමතිවරයාගේ දුෂිත අරමුණ වෙනුවෙන් පැහැදිලිව රජයේ මුදල් රෙගුලාසි යොදාගත් අතර රටේ මිනිසුන්ගේ සිගරට් භාවිතය ගැන හෝ දරුවන් සිගරට් භාවිතයට යොමුවීම වැළැක්වීමට ඔහුට කිසිදු උවමනාවක් නොවිණි .

බොරදියේ මාළු බෑමට උපන්හපන්කමක් ඇති මංගල දුම්කොළ සමාගමේ වෙළඳපළ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීමට හා සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත තමන්ට අවශ්‍ය පරිදි නවා දිගහැර පාඩම් කරන ලදී.

ඒ අනුව ලංකා දුම්කොළ සමාගමේ අහිමිවී ගිය වෙළදපළ නැවත සැකසීම වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 14 දින ඇති විශේෂ ගැසට් පත්‍රයක් මගින් දිග මිමි 67 හා 72 කාණ්ඩයේ සිගරට් කාණ්ඩයේ සිගරට් 1000 ක් සඳහා වූ නිෂ්පාදන බද්ද රු 37,600/= සිට රුපියල් 33,000/= දක්වා අඩුකරන ලදී . මෙය පැහැදිලිව රජයේ බදු ප්‍රතිපත්තිය සාවධ්‍ය ලෙස පරිහරණය කිරීමකි .

මෙම නිෂ්පාදන බද්ද අඩු කිරීම මගින් රජයට පැහැදිලිව රුපියල් බිලියන 1.47ක් අහිමි වන අතර අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඉහළ යමින් දිනෙන් දින පිඩාවට පත්ව සිටින ජනයාට කල කෙනෙහිලිකමකි .

ලබන දින කිහිපයේදී නැවත සිගරට් වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වන අතර මෙවර ඉදිරිපත්කල සංශෝධිත ගැසට් පත්‍රය නම් අඩුපාඩුවකින් තොරව රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ මුද්‍රණද්වාරයෙන් එළියට පැමිණ ඇත අදාළ ගැසට් නිවේදනයෙන් රටේ ජනතාවට සිදුවූ බදු අහිමිවීම කෙසේ වෙතත් බදු අඩුකිරීම වෙනුවෙන් මංගල දුම්කොළ සමාගමෙන් ලබාගත් සන්තෝසම් මුදල් ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇත දිගහැර වියදම් කරනු ඇත.

මේ පිළිබඳව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සිංහලේ සංවිධානය මේ දිනවල අධ්‍යනය කරමින් ඇත.

ප්‍රදීප් සංජිව
ජාතික සංවිධායක
සිංහලේ සංවිධානය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස