ඇමති මංගල විකිපීඩියා පිටුවට හැකර් ප්‍රහාරයක්! මොහොමඩ් අබු බකර් මංගල අල් බග්දාදි (සමනලයා) යැයි නමත් වෙනස් කරලා!

May 12, 2019 at 7:01 pm | by admin

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ විකිපීඩියා පිටුව කිසියම් පිරිසක් විසින් සංස්කරණය කර තිබේ. එහි මංගල සමරවීර ISIS ඉස්ලාම් රාජ්‍යයේ ශ්‍රී ලංකා ශාඛාවට සහාය දක්වන වර්ගවාදී ඉස්ලාම් අන්තවාදියෙකු ලෙස හඳුන්වා තිබේ.

එහි ඇමති මංගල සමරවීර මහතාගේ නම “මොහොමඩ් අබු බකර් මංගල අල් බග්දාදි (සමනලයා)” ලෙස වෙනස් කර තිබේ. අබු බකර් අල්-බග්දාදි යනු ISIS සංවිධානයේ නායකයාය. ශ්‍රී ලංකාවට එරෙහි වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පසුගියදා වීඩියෝවක් නිකුත් කර ප්‍රශංසාව පළ කළේ මොහුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *