ඇමති මංගල සහ ඇමති කිරිඇල්ල ගැටුමක! ලිට්‍රෝ ගෑස් අැවිළී අධිකරණයටම දුවයි!

May 16, 2019 at 10:23 am | by admin

ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත්කර තිබූ කණ්ඩායම ඉවත් කර මංගල සමරවීර අමාත්‍යවරයා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට යෑමෙන් අමාත්‍යවරුන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේ ඉවත් කර නව අධ්‍යක්ෂ මණ්ලයක් පත්කිරීමට කටයුතු කර තිබූ අතර, ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) ලිට්රෝ ගෑස් පරිශ්‍රයේදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමද පැවැත්වීමට කටයුතු කර තිබිණි.

එසේ වුවද නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සේවක මණ්ඩලය විරෝධය පළකර ඇති අතර, පැරණි අධ්‍යක්ෂක මණ්ඩලයට චෝදනා එල්ලව නොමැති අවස්ථාවකදී මෙන්ම රටේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ එක්වරම නාඳුනන පිරිසකට සමාගමේකටයුතු සම්බන්ධයෙන් වගකීම් පැවරීම් නොකළ යුතු බවද ඔවුන් විසින් ප්‍රකාශ කර තිබිණි.

මංගල සමරවීර මහතා පත්කළ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අතර ගැටලුකාරී පුද්ගලයන් සිටින බව ද සඳහන් කරමින් සේවකයන් විසින් එයට විරෝධය දක්වා තිබේ.

මේඅතර නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට විරෝධය පා, එය වාරණය කරන ලෙස ඉල්ලා පැරණි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොඩුකර ඇති අතර, ඒ අනුව වාණිජ මහාධිකරණය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු ලබන 28 වැනිදා දක්වා අත්හිටුවා ඇත.

අද

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස