හිංසාකාරී මුස්ලිම් දික්කසාද නීතිය මෝදි තහනම් කරයි!

July 31, 2019 at 9:57 pm | by emanisa.lk

සියවස් ගණනක් පැරණි මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නව යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

ඒ අනුව‘තලාක්’යනුවෙන් අඛණ්ඩව තෙවරක් පැවැසීමෙන් මුස්ලිම් වැසියන්ට සිය බිරිඳ දික්කසාද කළ හැකි එම නීතිය අපරාධ වරදක් බවට පත් වේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ දී සම්මතවූ මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට අවශ්‍යව ඇත්තේ එරට ජනාධිපතිවරයාගේ අත්සන පමණි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ද අදාළ යෝජනාව අනුමත කළ අතර ‘තලාක්’ යනුවෙන් පවසා බිරිඳ දික්කසාද කරන මුස්ලිම් පුරුෂයන්ට මින් ඉදිරියට වසර තුනක සිර දඬුවමකට සහ දඩයකට යටත්වනු ඇත.

‘තලාක්’ යනුවෙන් පවසා දික්කසාද කිරීම ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මීට වසර දෙකකට ඉහතදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස