පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයන නජීම් හජ්ජියාර් මාධ්‍ය හමුවක් කැඳවා අටළුගම ෆාතීමාගේ චරිතය හොඳ නැතැයි කියයි!

July 6, 2019 at 10:27 pm | by emanisa.lk

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටම්වලට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් විසින් බණ්ඩාරගම පොලීසියට පැමිණිලි කර තිබේ.

එහි එක් සැකකරුවෙකු වන බණ්ඩාරගම ගෝල්ඩ් හවුස්හි අධිපති නජීම් හාජ්ජියාර් නැමති පුද්ගලයා ප්‍රදේශයේ තවත් පිරිසක් සමග එක්ව මාධ්‍ය හමුවක් පවත්වා ඇයගේ චරිතය හොඳ නැති බව පවසා තිබේ.

පසුගිය 4 වනදා බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දැන්වුවේ සැක කරුවන් 9 දෙනෙකු ප්‍රදේශයෙන් පළා ගොස් සැගව සිටින බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදු වන බවත්ය.

එවැනි වාතාවරණයක් තුළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන පල්ලියේ භාරකරු ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වමින් නිදහසේ සිටින්නේ කෙසේදැයි යන ප්‍රශ්නය මතුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *