සිංහලයකු සමග විවාහ වුණේ යැයි ෂාරියා නීතිය අනුව කතකට දඬුවම් දෙයි! පහර දී ඇඳුම් ඉරා මහ පාරේ ඇදගෙන යයි! පොලිසිය පරීක්ෂණ යටගහන වෑයමක!

June 22, 2019 at 11:51 am | by emanisa.lk

බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට “බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවැද්දවිම” පිළිබඳව චෝදනා මත ඊයේ (20 දින) බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය අද(21) නියෝග කරන ලදි.

අදාළ කාන්තාව මෙම සිද්ධිය පිළිබඳව පවසන්නේ “ෂාරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා” යනුවෙනි.

සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019/03/03 වන දින CIB 2 22/327, 2019/03/25 දින CIB 128/19, 2019/03/26 දින CIB 3 162/146, 2019/03/30 දින CIB 1 340/358 සහ 2019/03/29 දින CIB 2 21/324 දරන පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවත් ඇය පවසයි.

කෙසේ වෙතත් මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදු කර නොමැති අතර පසුගිය සතියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී බොදු බල සේනා මහ ලේකම් හිමි මේ සිද්ධිය පිළිබඳව රටට හෙළිකිරීමත් සමගම ලහි ලහියේ පරීක්ෂණ සිදුකර මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත. අගතියට පත් කාන්තාව වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා පෙනීසිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස